තෙල් සංස්ථාවේ සියයට 17ක් මූලික වැටුපට සමානව අතිකාල අරන්


ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ සේවය කරණු ලබන  සේවකයින්  2,296ක  අතුරින් සේවකයින්  998 දෙනෙකුගේ අතිකාල දිමනාව  ඔවුන්ගේ මුලික වැටුපෙන්  සියයට 50 ඉක්මවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම මුලික වැටුප සියයට 200 ඉක්මවා අතිකාල දිමනා ලබාගෙන ඇති  සේවකයින් සංඛ්‍යාව  16 දෙනෙකි. එම සේවකයින් 16 දෙනාද ඇතුළුව  සේවකයින් 391 දෙනෙකු  හෙවත් සමස්ත  සේවකයින්ගෙන්  සියයට 17කගේ  අතිකාල ඔවුන්ගේ මුලික වැටුපෙන්  සියයට සියයට ඉක්මවා තිබු බවද ජාතික විගණන කාර්යාලය මගින් අනාවරණය කොට ඇත.

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් අතිකාල දිමනා පාලනය කළ යුතු බවත්  අතිකාල සදහා  අනුමත සිමාවන්  ස්ථාපිත කළ යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අතිකාල පැය සදහා  අනුමත සිමාවන් පැනවිම තුලින්  අතිකාල පාලනය කිරිමට 2021 වර්ෂයේ දෙසැම්බර් මස 01 දින සිට  කළමණාකාරිත්වය තිරණය කරඇති බවය.

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව සම්බන්දයෙන් 2021  වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

රවින්ද්‍රශ්‍රිලාල් ජිනේෂ් නානායක්කාර

 



Recommended Articles