තෙල් පිරිපහදුව ලබන සතියේ සිට යළි වැඩ කරයි


බෙරාතෙල් නොමැතිවීම හේතුවෙන් සති කිහිපයක සිට වසා දමා ඇති සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් සබන සතියේ සිට ආරම්භ කිරමට නියමිතව තිබේ. ඒ ලංකාවට යළිත් බොරතෙල්  ලැබීමත් සමගිනි.

බොරතෙල් මෙට්‍රික් ටොන් 100000ක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී දිවයිනට ළඟා වූ අතර එහි සාම්පල පරීක්ෂා කිරිමේ කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව ගොඩ බෑමේ කටයුතු ආරම්භ කෙරෙයි. බොරතෙල් ගොඩ බෑමෙන් අනතුරුව තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එසේම තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120000ක් රැගත් නෞකාවක් ලබන 23 -29 යන දිනවලදී ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිතව තිබේ. 



Recommended Articles