තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ වන විට දින 50කට සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය දින 50කට වසා දමා තිබේ.ඒ බොරතෙල් මිලදී ගැනීමට ප්‍රමාණවත් විදේශ විනිමයක් නොතිබීම හේතුවෙනි.
මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ A320/321 ගුවන් යානාවල කෙටි දුර ගමන්වලට ප්‍රමාණවත් ඉන්ධන ලබාගැනීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. මෙම කෙටිදුර ගමන් සඳහා අවශ්‍ය ඉන්ධන කොළඹදී සපයා ගත යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා පවසයි.
"විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඩා හොඳින් සවන් දිය යුතුයි. ලොකු කතා
කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ සැලසුම් දිගටම අසාර්ථක වී ඇත" යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
So @UPGammanpila shut down #SriLanka only petroleum refinery as they ran out of crude and got no forex to purchase crude. Pres @GotabayaR better listen to reason on resolving forex crisis. Big talking @an_cabraal plans will continue to flop. pic.twitter.com/VmdLppqG8T
— Harsha de Silva (@HarshadeSilvaMP) November 15, 2021
Big issue brewing at @flysrilankan as we understand that A320/321 on short haul flights cannot uplift sufficient fuel for a round-trip from the other stations as requested by @UPGammanpila. They need to refuel in Colombo.
— Harsha de Silva (@HarshadeSilvaMP) November 15, 2021