තෙමසකට පසු මඩකලපුව -කොළඹ දුම්රිය සේවය යළි ඇරඹෙයි


කොරෝනා  වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව  කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම්භවුණි.

අද උදේ  6.10 මඩකලපුව දුම්රිය ස්ථානයෙන් ප්‍රථම දුම්රිය  කොළඹ බලා පිටත්වුණි. එම දුම්රිය 3.15ට කොළඹ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.

ඒ වගේම කොළඹ  සඳහා නගරාන්ත්‍ර සිඝ්‍රගාමි දුම්රිය  සේවාව ඇතුළු සේවාවන් පැවැත්වෙන බව දුම්රිය ස්ථාන පරිපාලනය පවසයි.

මඩකලපුව ජවුෆර් ඛාන්



Recommended Articles