තුර්කි නාවිකයන් 24ක් රැගෙන ගුවන් යානයක් මත්තලට


ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට ඊයේ (04දා) රාත්‍රී ගොඩ බස්සවා තිබුණි.

මෙම ගුවන් යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 07 ක් සිටියහ. තුර්කියේ, ෂෙහෙඩාන් නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ටේල් වින්ඩ් ගුවන් සේවයේ ටී.අයි.- 271 දරන විශේෂ ගුවන් යානය එසේ නාවිකයන් පිරිසත් රැගෙන රාත්‍රී 11.00 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම නාවිකයන් පිරිස මත්තල ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි. මෙම ගුවන් යානය අද රාත්‍රී 7.00 ට ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය නිම කළ නාවිකයන් 27 දෙනෙකු රැගෙන යළිත් ආපසු තුර්කියේ ෂෙහෙඩාන් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.



Recommended Articles