තිනියාවල සිදුවීම ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්


බීමතින් සිටින පොලිස් නිලධාරින් ‍තමන්ට පහර  දෙන බවටත් , තමා බීමතින් සිටින බවට ප්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනීමට උතත්සාහ දරන බවටත්, පවසමින් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත ලද සිදුවීමක් මෙම දිනවන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම සිදුවීම 2025.04.06 වන දින රාත්‍රී කාලයේ තිනියාවෙල පොලිස් වසමේ  සිදුවීමක් වන අතර එහිදී පුද්ගලයෙකු බීමතින් යතුරු පැදියක ධාවනය කරන බවට නිරික්ෂණය වි‍මෙන් පසුව රථවාහන රාජකාරි යෙදී සිටි නිලධාරීන් විසින් එම යතුරු පැදිය නවතා පරික්ෂා කිරි‍මේදි ‍මෙම පුද්ගලයා කෑගසමින් පොලිස් නිලධාරින්ට සාපරාධී බාධා කර ඇත.

අතනතුරුව ආසන්නයේ අනෙක් පුද්ගලයින්ද සහභාගි කාර ගනිමින් පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා ඔහු එම ස්ථානයෙන් යතුරු පැදිය රැගෙන පලා ‍ගොස් ඇත.

2025.04.07 වන දින මෙම පුද්ගලයා පොලිස් නිධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොලිස් නිලධාරින්ට ‍සාපරාධී බලහත්කාරය පෑම මත අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අධිකරණයෙන් වරදකරු වි දඩ නියම කරන ලද පුද්ගලයෙක් වෙයි.

මෙවැනි ආකාරයට පොලිස් නිලධාරින්‍ගේ රාජකාරියට බාධා කරන ලද සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ‍ගෙන ඒමට්‍පාලිසිය කටයුතු කරන බවත් ‍මෙම සිදුවිම පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කළුතර කොටඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකරන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.



Recommended Articles