තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කරයි


ලබන මස  06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අනුව මේ  මස 24, 25, 28 සහ 29 යන දිනයන්හි තැපැල් ඡන්ද විමසීම් පැවැත්වෙන බවද පෙන්වා දෙයි.

"ඒ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස  24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබේ.

අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයන්ට මේ දින 4දී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරිවල යෙදී සිටින පොලීසියේ  සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබන බවද පෙන්වා දෙයි.

මීට අමතරව  විශේෂ රාජකාරිවල නිරතවන  ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.



Recommended Articles