පළාත් පාලන ආයතන 339 ටම අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 22 වැනි දින සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල පොලිස් ස්ථාන ඇතුළු පොලිස් දෙපාර්තමේන්තු, අනෙකුත් කාර්යාල, විශේෂ කාර්ය බළකා කාර්යාල හා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල ලබන මස 22 වැනි දින තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙයි.
මීට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරු හා සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ලබන මස 23 හා 24 යන දිනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඉහත දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කවල දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවලදී ලබන මස 28 හා 29 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරිමේ අවස්ථාව ලබා දෙන බව මැතිවණ කොමිෂන් සභාව සඳහන් කරයි.