තාවකාලික අංක තහඩු භාවිත කිරීම දෙසැ. 15දායින් අවසන්


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළ ගැටලුකාරී තත්ත්වය අවසන් කර නැවත නිකුත් කිරීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පවසයි.

ඒ අනුව වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා මෙතෙක් එය ලබා නොගෙන ඇත්නම් එම අංක තහඩුව දෙසැම්බර්15 දා පෙර ලබා ගන්නා ලෙස කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

දෙසැම්බර් 15න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිත කරමින් මාර්ගය තුළ ධාවනය කිරිම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නීතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔහු පවසයි.

එසේම තාවකාලික අංක තහඩු සමග ධාවනයට ලබා දී තිබූ අවසර පත්‍රය දෙසැම්බර් 15 දා දිනෙන් අවසන් වන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.



Recommended Articles