ත්‍රීරෝද රථ ගාලට අලුතින් ත්‍රී රෝද රථක් එක් කිරීමට ගොස් අයෙක් මරුට


තිහාරිය ගොඩැල්ල මහපල්ලිය ආසන්නයේ ත්‍රී රෝද රථ ගාලකට අලුතින් රථයක් ඇතුළත් කිරීම  හේතුවෙන්  සිදුවූ ගැටුමකින්  පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

ත්‍රී රෝද රථ ගාලට අලුතෙන් එක් වූ තරුණයකුට පහර දීමට ලක්වන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට ගිය සිය පියා මෙසේ රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි වාර්තාවයි.

නිට්ටඹුව පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles