ත්‍රීරෝද රථ කොල්ලකන කල්ලියක් අල්ලයි


කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින්  තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ  එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි.

 කොළඹ බාල දක්ෂ මාවත රථගාලයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක තමාල් මහතා ඇතුළු නිලධාරින් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය  සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීමේදී මෙම සොරකම් වල තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම සැකකරු විසින් ඉකුත් කාලය පුරා කොළඹ කොටුව. වත්තල ,කිරිබත්ගොඩ හා බොරැල්ල පොලිස් වසම් වල නවතා තිබෙන තීරෝද රථවල සුවිච් යතුරු වලට සම්බන්ධ  වයර් පිටතට ගෙන එකිනෙක සම්බන්ධ එය පණ ගැන්වීමට හැකි පරිදි සකස් කිරීමෙන් අනතුරුව ඔහු සමග පැමිණෙන පුද්ගලයන්ට ලබා දෙන සංඥාවක් අනුව එම පුද්ගලයන්  එම ස්ථානයෙන්    ත්‍රී රෝද රථ සොරාගෙන ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය ගත් තොරතුරු අනුව සොරා ගත් තීරෝද රථ සන්තකයේ තබාගෙන සිටි ගරාජ් හිමියා සහ තවත් පුද්ගලයෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා වර්ණ වෙනස් කිරීම සහ ඇන්ජින් සහ චැසි අංක වෙනස් කිරීම සඳහා එලෙස තීරෝද රථ නවයක් තමන් වෙත ලබා දුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

ඒ අනුව එම තීරයෝද රථ  මාලිගාවත්ත ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය පොලිස් වසම් වලදී පොලිස්භාරයට ගත් බවත් ඒ වෙන විටත් එම තීරෝදරථ වර්ණ ගන්වා වෙනස් කර තිබූ බවත් පොලිසිය කියයි.

එම සැකකරුවන් වයස අවුරුදු 31/54 අතර පසුවන සීදුව ඔරුගොඩවත්ත කොළඹ 10 හා 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් සහ තීරෝද රථ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

 



Recommended Articles