ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මිය යයි


ත්‍රිකුණාමලය වරාය අවට මුහුදේ මසුන් හදිසියේ මිය ගොස් ගොඩ ගැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා  සාම්පල් ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතායතනය වෙත යොමු කළ බව දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සිද්ධිය සැලවීමත් සමඟ නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ  සම්පත්  කළමනාකරණ දෙපාර්තමේන්තුව  ඇතුළු සියලු ආයතන එක්ව  ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකළ බව දිසාපතිවරයා කීහ .

දැනට මෙම මාළු මිය යාම මුහුදු ජලය එම මසුන්ට සුදුසු තත්ත්වයක නොමැතිවීම අනාවරණය වී ඇති බව කී දිසාපතිවරයා මියගිය මසුන් ගොඩ ගැසීම නිසා ප්‍රදේශයේ හමා යන දුර්ගන්ධය අවම කිරීමට නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව හරහා එම මසුන් වලවල් කපා මිහිදන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව කීහ .

චමෝද්‍යා අමරජීව



Recommended Articles