තවමත් මුහුදු යන්න එපා


නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

බැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කළ නිවේදනය තවදුරටත් දීර්ග කර ඇත.

 



Recommended Articles