තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 5ක් අද දිවයිනට


චීන රජය විසින් ප්‍රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

එම එන්නත් මාත්‍රා හෙට සිට එන්නත්කරණ වැඩසටහනට යොදා ගන්නා බව  ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

එම එන්නත් මාත්‍රා කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

 



Recommended Articles