තවත් රෝගීන් 27ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 27ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 781ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් රෝගීන් 1558ක් වාර්තා වෙයි.

තවත් 767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 10ක් මිය ගියේය.

 



Recommended Articles