තවත් පුද්ගලයන් 5038ක් නිරෝධායන ක්‍රියාවලියේ


ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ මේ වන විට පුද්ගලයන් 5038ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.

අද දිනයේදී නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 70ක් මධ්‍යස්ථාන තුළින් පිටත්ව ගොස් ඇති අතර නිරෝධායනය අවසන් කළ සමස්ත ගණන 11558ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles