තවත් පුද්ගලයන් 4387ක් නිරෝධායනයේ


ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධානය මධ්‍යස්ථාන 43ක් තුළ තවත් පුද්ගලයන් 4387ක් නිරෝධායනය වෙමින් සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

අද දිනයේදී නිරෝධානය අවසන් කළ පුද්ගලයන් 222ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටත්ව යෑමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

අද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles