තවත් ප්‍රදේ​ශ කිහිපයක් හුදකලා කෙරේ


වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

පානදුර දකුණ ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම් ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම සේවා වසම ද මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

 



Recommended Articles