තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙ​රෙයි


මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කර තිබේ.



Recommended Articles