තවත් නාවික හමුදා රණවිරුවන් 12ක් සුවය ලබයි


කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 12 දෙනෙකු වෛරසය ශරීර තු නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගෙන් 09දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින්ද, දෙදෙනකු (02) අයිඩීඑච් රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලද අය වෙයි.

තවද නාවික හමුදා පුද්ගලයින් 12දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 785 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.



Recommended Articles