තවත් ඩෙල්ටා ආසාදිතයන් 14ක් දිස්ත්‍රික්ක 4කින්


වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන තිබේ.

කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමේදී මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.



Recommended Articles