තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක්


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 10 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2763ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිරෝධායනයට ලක්වෙමින් සිටින, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙක් හා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles