තවත් කොවිඩ් මරණ 4ක් - අවුරුදු 18ක තරුණියක් ඒ අතර


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 638ක් දක්වා වර්ධනය වී තිබේ.

නිට්ටඹුව පදිංචි 35 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය පදිංචි අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංචි අවුරුදු 18ක තරුණියක්, මහරගම පදිංචි අවුරුදු 71ක කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles