තවත් කොවිඩ් ආසාදිතයන් 49ක් සුවය ලබයි - සමස්ත සුවවීම් 990යි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොවිඩ් ආසාදිතයන් 49ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණන 990ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 



Recommended Articles