තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් වාර්තා වෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2084ක් දක්වා වර්ධනය විය.

තවත් රෝගීන් 106ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1967කි.

ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11කි.



Recommended Articles