තවත් ආසාදිතයින් 5 දෙනෙකු සුවය ලබයි


අද (16) වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත  ආසාදිතයින් ගණන 3,385ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු පිරිස අතරට හෝමාගම මුලික රෝහලේ සිටි ආසාදිතයින් දෙදෙනෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද සහ හම්බන්තොට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් තිදෙනෙකු අයත්ය.

 



Recommended Articles