තවත් ආසාදිතයින් 145ක් - ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 5000 ඉක්මවයි


මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මින් 48ක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් හො ආශ්‍රිතයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

ඉතිරි ආසාදිතයන් 97 දෙනා ආශ්‍රිතයන් වෙයි. මේ අනුව එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1591ක් වාර්තා වී තිබේ.

මෙම රෝගීන් සංඛ්‍යාව වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු කෙටියෙන්

සමස්ත රෝගීන් 5038

රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 1697

සුව ලැබීම් 3328

ජීවිතක්ෂයට පත්වීම් 13



Recommended Articles