තවත් ආසාදිතයන් 261ක්


කොරෝනා ආසාදිත වූ තවත් 261ක් අද දිනයේදී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙසේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 234ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයින් වන අතර ඉතිරි 27 නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වෙයි.

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 541කි.

මේ අනුව පෑලියගොඩ හා දිවුලපිටිය පොකුරුවලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4939ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles