තවත් ආසාදිතයන් 168ක් - අද දිනයේ 582


දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.

මේ අතරින් 53ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 115 පෑළියගොඩ හා ධීවර වරායන්වල ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව එම පොකුරු දෙකෙන් අද (29දා) වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 582ක් බවට පත්ව තිබේ.

එම පොකුරු දෙකෙන් අද දිනය වන විට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 6313කි.



Recommended Articles