තවත් 21කට ඊශ්‍රායෙල රැකියා වරම්


ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම ඊයේ (29) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ ඍතු පදනම මත සේවය කළ ශ්‍රමිකයින් 08 දෙනෙකුත් අලුත් ශ්‍රමිකයින් 13 දෙනෙකුත් මෙම කාණ්ඩයට අයත් වන අතර ඔවුන් කිහිප දෙනා බැගින් ඊශ්‍රායලයට යැවීමට නියමිත බව අමාත්‍යවරයා එහි දී පැවසීය.

ඒ අනුව මෙම 21 දෙනා සමග ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය සඳහා පිටත් වන සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව 2163 කි.

ඉදිරි සතියේ දී 08 දෙනෙකු ඊශ්‍රායලයේ කෘෂි සේවය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස කැඳවීමට නියමිතව තිබේ.



Recommended Articles