තලාතුඔය OIC ඇතුළු 7ක් නිරෝධායනයට


ෙතලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනයට ලක්කිරීමට ආරක්ෂක අංශ ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ .

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත මහතා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද ඇතුළුව පොලිස් නිලධාරීන් හත්දෙනකු ඒ ආකාරයට නිරෝධායන ට ලක් කිරීමට පියවර ගෙන තිබෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළදාමට සම්බන්ධ මත්ස්‍ය වෙළෙන්දකු ඇතුළු ඔහුගේ පවුලේ කිහිප දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට පත් වීම හේතුවෙනි .

මෙම මත්ස්‍ය වෙළෙන්දා තලාතුඔය පොලිසිය සමඟ  සමීප සම්බන්ධතා පවත්වමින් මත්ස්‍ය වෙළදාමේ යෙදීම හේතුවෙන් එසේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් නිරෝධනයට ලක්කිරීමට පියවර ගත් බ‍ෙ ඉහළ පොලිස් නිලධාරියෙකු පවසා සිටියේය.

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles