තරුණයන් දෙදෙනෙකුගේ අවධානය නිසා විශාල අනතුරක් වැළකෙයි


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ අද (23) දින රේල් පීල්ලක් පිපිරීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් ප්‍රදේශයේ තරුණයෙකුගේ දැනුවත් කිරීමකින් වැලකී ගිය බව වාද්දුව දුම්රිය මාර්ග අංශය සදහන් කරයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවනය වන ඉහළ මාර්ගයේ සැතපුම් 25 යි දම්වැල් 20 දරණ ස්ථානයේ රේල් පීල්ල අගල් අටක පමණ කොටසක පිපිරීමක් දුටු වස්කඩුවේ තරුණයන් දෙදෙනකු ඒ බව කළුතර උතුර සහ වාද්දුව දුම්රිය ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව වාද්දුව දුම්රිය ස්ථානාධිපති වරයා වන යූ අයි පී රුද්‍රිගු මහතා වහාම ක්‍රියාත්මකවී ප්‍රධාන දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර වාද්දුව මාර්ග අංශයේ කාර්මික  නිළධාරීන් යන්ත්‍ර සූත්‍ර සමග ක්ෂණිකව එම ස්ථානයට යොමුකර අළුත්වැඩියාව සිදුකිරීමට පියවර ගත්බව දුම්රිය  ප්‍රකාශකයෙක් පැවසීය .

අලුත් වැඩියාව සිදුකරන කාලය තුලදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඉහළ දුම්රිය මාර්ගය පැයකට වැඩි කාලයක් වසාදැමීමටද පියවර ගෙන තිබේ.

එම තරුණයන් දෙදෙනාගේ දැනුවත් කිරීම මෙන්ම වාද්දුව දුම්රිය ස්ථානාධිපති යූ අයි පී රුද්‍රිගු මහතා ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් සිදුවීමට ඉඩතිබූ දුම්රිය අනතුරක් වැලකී ගිය බවද දුම්රිය  ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles