ණය ප්‍රතිව්‍යුහ ගත කිරිමට චීනය එකඟ වෙයි


ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය එකඟතාව දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් වන තිරණය චීනය විසින් ශ්‍රි ලංකාවට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ මූල්‍ය පහසුකමට යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ ප්‍රධාන බාධකය ඉවත් වෙනු ඇත.

චීනය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට එකඟවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාගැනීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් ප්‍රධානම සාධකයක් බවට පත්ව තිබුණි.

චිනය මේ බව චීන අපනයන හා ආනයන බැංකුව හරහා  දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

 



Recommended Articles