ඩුබායි හා ජපානයේ සිට ලාංකිකයන් 285ක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වෙයි.

ඊට අමතරව අද අලුයම 4.10 ට ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් ද එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම 7/10 දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත්  කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් විදේශීය නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 24 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි මොවුන් සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබුණි.



Recommended Articles