ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට ගන්න නියෝග


නඩුවක සාක්කි දීමට අධිකරණයේ පෙනී නොසිටි ඊ.පි.ඩි.පි. නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා වහාම අත්අඩංගුවට ගෙනන අධිකරණයටට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21) වරෙන්තු නිකුත් කළේය.

අගරු චෙක්පතක් දී රුපියල් කෝටි දෙකක වංචාවක් කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා වැල්ලවත්තේ පදිංචි ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවක සාක්කිදී සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් මහේස්ත්‍රාත්වයා මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

2016 ජූලි 9 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගිණුමේ මුදල් නොමැති බව දනිමින්ම රුපියල් මිලියන දහය බැගින් වූ අගරු චෙක්පත් දෙකක් දී වංචා කළ බවට වැල්ලවත්තේ පදිංචි සුභමනියන් මනෝහරන් නමැති ව්‍යාපාරිකයාට එරෙහිව රහස් පොලිසියය විසින් නඩු පවරා තිබිණී.

මෙම නඩුව විභාග කිරරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේ නඩුවේ ප්‍රධාන සාක්කිකරු වු ඩග්ලස් දේවානන්ද මහතා අධිකරණයේ පෙන්ී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා කරුණු දක්වමින් සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින බව දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නේද? යනුවෙන් නීතිඥවරයාගෙන් විමසු අතර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකරන බව නීතීඥවරයා දැනුම් දුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා කරුණු දක්වමින් නඩුවේ පළමු සාක්කිකාර දේවානන්ද මහතා පසුගිය නඩු දිනයේදීද අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටීමට අවසන් වශයෙන් දින ලබාදී ඇතත් ඔහු අද දිනයේදීත් අධිකරණයේ පෙනී නොසිටින බව පෙන්වා දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලමෙනන් අනතුරුව නඩුවේ සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ජනවාරි 23 වැනිදාට නියම කළේය.



Recommended Articles