ජෝර්දානයේදී මියගිය නදීශාගේ දේහය ගෙන්වන්නැයි දෙමාපියෝ ඉල්ලති


ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවයේ නියතුව සිටියදී රෝගාතුරව මිය ගිය සිය දියණියගේ දේහය කඩිනමින්ම් ලංකාවට ගෙනවිත් දෙන ලෙස කොස්ගොඩ වතුරවෙල පදිංචි මාපියෝ යුවළ්ක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මෙසේ  ඔවුන් ඉල්ලා සිටිනුයේ  කොස්ගොඩ වතුරවෙල් පදිංචි ජෝර්දානයේ ඇගලුම් කර්මාන්ත ශලාවක සේවයේ නියතුව සිටි විසිපස් හැවිරිදි ඉගලගේ නදීෂානි දිසානායක මෙනවියගේ දේහයයි.

නදීෂානී 2023 අපේල් මස 10 වැනිදා කොස්ගොඩ වතුරවෙල සිය නිවසේ සිට ජෝර්ද්නයේ ඇගලුම් කම්හලක සේවය කිරීමට ගොස් ඇති බව ඇයගේ දෙමාපියෝ කීයති.

 ඇය මෙසේ ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවයට ගොස් ඇත්තේ මෙරට විදේශ රැකියා ආයතනයක් හරහා විදේශ සේව නියුක්ති කාර්යාංශයේද ලියාපදිංචිවීමෙන් අනතුරුව බවද ඔවුහු කියති.

නදීෂානි විදේශ ගතවී ඇත්තේ වයෝවෘද්ධ සිය දෙමාපියන් රැකබලා හැනීමට හා ඉදිකිරීම් වැඩ අතරමග දමා ඇති සිය නිවසේ ඉදිකිරීම් මුලුමනින්ම නිමා කිරීමේ අරමුණ පෙරදැරිවය.ඒ  තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ  බාලයාවුවත් එය තමාගේ වගකීමක් ලෙස සිතාය.

මෙලෙස දහසක් අරමුණු සිත්හි තබාගෙන ජෝර්දානයට ගිය නදීෂානි සැප්තැම්බර් මස 28 වැනිදා සිය වැඩිමහල් සහෝදරියවූ කුමුදුමාලී දිසානායකට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ තමා අසනීප තත්ත්වයෙන් සිටින නිසා ලංකාවට ඒමට අවශය කටයුතු සියල්ල සම්පාදනය කර ඇති බවත් ඒ අනුව ළගදීම ලංකවට එන බවත්ය.

එහෙත් සැප්තැම්බර් මස 29 වැනිදා ජෝර්දානයේ නදීෂානී සේවය කළ ඇගුලුම් කම්හලේම සේවය කරන ඇයගේ  යෙහෙලියක් කුමුදුමාලී දිසානායකටට කතා කොට පවසා ඇත්තේ නදීෂනී මිය ගිය බවය.

මේ දැනුම් දීමත් සමගම නදීෂානීගේ සොහොයුරිය වන කුමුදුමාලි  දිසානායක ඇය විදේශගතවූ විදේශ රැකියා ආයතනයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබදව දැනුම්දී තිබේ.

මේ පිළිබදව අප විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ විමසීමකදී එහි පකාශකයකු කීවේ.මේ සම්බන්ධයෙන් ඇයගේ නිවසින් දැනුම්වත් කිරීමක් ලැබුණු බවත් ඒ අනුව වහාම කියාත්මකවී අවශය කටයුතු කරන බවය.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



Recommended Articles