හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකුට එක්සත් රාජධානිය විසින් පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද(26දා) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.