ජුලි මුල් සතියේදී සිනෝෆාම් මාත්‍රා මිලියන 2ක්


චීනයේ සිනොෆාම් එන්නත් මාත්‍රා මිලයන 2ක් ජුලි මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව ජුලි මස 2 දා හා 4දා එන්නත් මාත්‍රා මිලියනය බැගින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සිනෝෆාම් සමාගම උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය පවසයි. මෙම ඒන්නත් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් රැගෙන ඒ්මට නියමිතය.

එසේම තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් ජුලි මාසය තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමටද සිනෝෆාම් සමාගම කටයුතු කරන බව තානාපති කාර්යාලය පවසයි.

මෙම එන්නත් ශ්‍රී ලංකාව විසින් සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වෙයි.



Recommended Articles