ජුලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක්


ලබන ජූලි මාසයේදී විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරන්නේ පිරිවැය පරාවර්තක මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

එසේම සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට 2022 දෙසැම්බරයේ ගත් රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණය අනුකූලව මෙම සංශෝධනය සිදුවන බවද අමාත්‍යවරයා පවසයි. 



Recommended Articles