ජිවන බර 2025දී අවසන් කරනවා


ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට ලබන වසරේදි කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට එම සහන ලබාදීමට හැකිවනු ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමිවන බව පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (15) පස්වරුවේ දෙහිවල පැවති "රනිල්ට පුළුවන්" විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අලුත් ආර්ථිකයක්, අලුත් රටක් හා අලුත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමේ වැඩසටහන තමා මේ වන විටත් ආරම්භ කර තිබෙන බවයි. තමන්ට අවශ්‍ය රටට අලුත් ආර්ථිකයක් ලබා දීම බව පැවසු ජනාධිපතිවරයා සජිත්ට හෝ අනුරට එය කළ නොහැකි 
බවද කියා සිටියේය.



Recommended Articles