ජාතිවාදී හා ආගමික අන්තවාදී සටන් පාඨ වලට ආයේ ඉඩ නෑ


තනි පක්ෂ පාලනයක් අපේක්ෂා නොකරන බවත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළි ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජන්දය දුන් මෙන්ම නොදුන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට බැඳී සිටින බවත් ජනපතිවරයා පැවැසීය.

නව පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.

ජනතාව තමන්ගේ පංගුව ඉටු කර ඇති බවත් දැන් පවතින්නේ තමන් ඇතුළු ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් පංගුව ඉටු කිරීම බවත් ඔහු පැවැසීය.

ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට බැඳී සිටින බවත් පළාත් වශයෙන් බෙදි පැවැතියත් යළි රට තුළ ජාතාවාදී පාලනයකට ඉඩ නොදෙන බවත් ඔහු පැවැසීය.

එසේම කවර පන්නයක හෝ ආගමික අන්තවාදයකට හිස එදවීමට අවස්ථාව නොදෙන බවත් පැවැසීය. 



Recommended Articles