ජාතික ජන බලවේගය මැතිවරණය ඉතිහාසයේ වාර්තා 9ක් පිහිටුවයි


නිමා වූ 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයමෙරට මැතිවරණ ඉතිහාසයේනවවාර්තා 09 ක් තබා තිබෙන බවමධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරරංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

දේශපාලන විශ්ලේෂකයකු වන ඒ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු වශයෙන්ද කලක් කටයුතු කළේය.

ඒ මහතා පෙන්වා දෙන ආකාරයට එම වාර්තා මෙසේයි.

  1. මහා මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය61.56% (මීට පෙර 2010 දීඑක්සත් ජනතා නිදහස් සන්ධානය 60.33%)
  2. මහා මාතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන 152යි. (මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136 යි)
  3. මහා මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන 21යි. මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19යි)
  4. මහා මැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව686,3186 (මීට පෙර 2020 දී පොදු ජන පෙරමුණ ඡන්ද 685,3960)
  5. දිස්ත්‍රික් මට්ටමින් දිනා ගත් වැඩිම ආසන සංඛ්‍යාව 141යි. (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128 යි)
  6. මහා මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන 18යි (මීට පෙර 2020 දී පොදු ජන පෙරමුණ 17යි)
  7. මහා මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන159යි. (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 145)
  8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න්2/3ක ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව
  9. මීට පෙර මැතිවරණයේ 3%කප්‍රතිශත මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තාවක් පිහිට වූ පළමු අවස්ථාව.

 



Recommended Articles