ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකළ ඉන්ධනහල් 12කට ඉන්ධන නොදෙයි


ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙහිදී ඉන්ධන ඇණවුම් කිරීම, ජාතික ඉන්ධන බලපත්‍රය, ජනතා පැමිණිලි ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 



Recommended Articles