ජාඇල නිවෙසකට වෙඩි වරුසාවක්


ජාඇල පොලිස් වසමේ නිවෙසකට T 56 ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය ට පවසයි.

මෙම වෙඩි ප්‍රහාරය 24 දින අලුයම් කාලයේ දී සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ජාඇල වැලිගම්පිටිය ශාන්ත ආනා මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 38 ක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

නිවාස 03 කට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර සැකකරුවන් ගේ ඉලක්කය වී ඇතැයි සැකකෙරෙන නිවසේ පුද්ගලයන් කිසිවකු වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සිට නොමැත. වෙඩි වැදී ඇති තවත් නිවසක පුද්ගලයන් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ විනෝද ගමනකට සහභාගී වෙමින් සිට ඇත. වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි පොලිසිය සැකකරන නිවසට ඉකුත් 15 දිනද මේ ආකාරයට ම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමට ආදාලව පරීක්ෂණ කටයුතු සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යොදවා තිබෙන බව පොලිසිය පවසයි. 



Recommended Articles