ජා-ඇල හා වත්තල කොවිඩ් ආසාධිතයන් 3028ක්


ජා-ඇල හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ   පිහිටි පොලිස් බල ප්‍රදේශ වල දෙවන කොවිඩ් රැල්ලේදී ආසාධිත වු මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පෙබරවාරි 23 දිනට 3028 ක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කදාණ පොලිස් බල ප්‍රදේශයෙන් 329 ක්, මහබාගේ පොලිස් බල ප්‍රදේශයෙන් 358 ක්, රාගම පොලිස් බල ප්‍රදේශයෙන් 524ක් , වත්තල පොලිස් බල ප්‍රදේශයෙන් 1497ක්, ජා-ඇල පොලිස් බල ප්‍රදේශයෙන් 320 ක් ලෙස ද කොවිඩ් රෝගීන් වාර්තා වී තිබේ.

ජා-ඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසා සිටියේ ජා-ඇළ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය තුළ නිරන්තරයෙන් PCR පරීක්ෂණ සිදු කරමින් කොවිඩ් රෝගීන් හදුනාගැනීම සෞඛ්‍ය අංශ මගින් සිදු කරන බවයි.

ජා-ඇල ප්‍රසංග පෙරේරා



Recommended Articles