ජලයට සිනි දමා පානය කළ පාසල් දැරියට සඳගිරි සෑ නායක හිමියන්ගේ පිහිට


ලෝක ළමා දිනය දා උදේ ආහාරය සඳහා ජලයට සීනි දමා බී පාසලට පැමිණි දැරියට අන්තාන සඳගිරිසා නායක හිමියන් රුපියල් 20,000ක් වටිනා වියලි ආහාර පරිත්‍යාගයක් සිදු කරනු ලැබූහ.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන එම දැරිය උදේ ආහාරයට කිසිවක් නොමැතිකම හේතුවෙන් ඇතිවන බඩ දැවිල්ල සමනය කර ගැනීම සඳහා ජලයට සීනි දමා පානය කොට ආහාරයටද කිසිවක් නොමැතිව පැමිණ සිටින බව පන්තිභාර ගුරුවරිය ඇගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී පවසා තිබුණි .

පියා මියයාමෙන් අසරණ තත්ත්වයට පත් වී සිටින එම දැරියගේ මවටද ස්ථිර රැකියාවක් නොමැතිව සිටින බව කරුණු අනාවරණය වීමෙන් පසු එම දැරිය පිළිබඳ තොරතුරු කටුගස්තොට පොලීසිය මාර්ගයෙන් දැනගැනීමෙන් අනතුරුව හන්තාන සඳගිරි සෑ නායක හිමියන් කටුගස්තොට සතොස සාකාවට එම දැරිය සහ මව ගෙන්වා එම පරිත්‍යාගය සිදු කළහ.

ඔවුන්ට නිවසක් සාදා ගැනීම සඳහාද ආධාර උපකාර කරන බවට නායක හිමියන් එහි දී පැවැසූහ. 

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles