මිහින්තලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මිහින්තලේ මහ කනදරා වැව වාන් දැමීම හේතුවෙන්
මහකණදරාව දකුණු ඉවුර ප්‍රදේශයේ සිට මිහින්තලේ මහ විද්‍යාලයට, පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයට වෙත පාසල් ළමුන් රැගත් බස් රථයක් අද (23දා) අනතුරට ලක්ව තිබේ.
මහ කනදරාව දකුණු ඉවුර හරහා වැටී ඇති මාර්ගයේ ගල්පාලම අසල සපත්තු පාලම අසලින් මාර්ගය හරහා ජලය ගලා යාමත් සමග, ඒ හරහා පාසල් ළමුන් රැගත් බස් රථයක් ධාවනය කිරීමේදී එම බස් රථයේ බැටරියට ජලය පිරි යාමත් සමග බැටරිය පුපුරා ගොස්, බස් රථය ජල පහරට හසුව මෙම අනතුර සිදුව තිබේ.
ඉන්පසු එහි ගමන් ගත් පාසල් දරුවන් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බට පිරිස් විසින් කඩිනමින් මුදවා ගැනීමට කටයුතු කලහ.