ජපානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එසේම අලුයම 1.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් එරට සිට  ශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන්  26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම අලුයම 5.35 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලාංකික සහ විදේශීය නාවිකයන්  64 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles