ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි


දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහේම මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (22) සිට ක්‍රියාත්මක වන පරිදි  යුධ ,ගුවන් සහ නාවික යන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්  කැඳවා ඇත.

ඒ අනුව කොළඹ ,ගම්පහ සහ කලුතර ඇතුළු මුහුද ආශ්‍රිත දිස්ත්‍රික්ක 14 ක හා ඒවාට යාබද  දේශීය ජල තීරයන්වල සහ අභ්‍යන්තර දිස්ත්‍රික්ක 11 ක මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදා කැඳවා තිබේ.

 මෙම කැඳවීම පිළිබඳව අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (22) දින නිකුත් කෙරිණි .

ජේ.ඉඳුරුවගේ 



Recommended Articles