මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සම්මාන උළෙලේදී මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය සහ ලෝකඩ සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට අද පුවත්පතෙහි මාධ්‍යවේදීහු සමත් වූහ. රන් සම්මානය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දිනාගත් අතර ලෝකඩ සම්මානය දිනා ගැනීමට නිදර්ශනී වික්‍රමසිංහ සමත් විය.
ඊයේ (28දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලේදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ යන ප්‍රධාන අංශ යටතේ 90 දෙනකු වෙත රන්, රිදී, ලෝකඩ කුසලාන හා සම්මාන පිරිනැමිණි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සම්මාන ලබමින්
නිදර්ශනී වික්‍රමසිංහ සම්මාන ලබමින්